Support
 
Phone Get Quote
 
Support
 
US: +1 888 720 9500
US: +1 888 791 1189
Intl: +1 925 924 9500
Aus: +1 800 631 268
UK: 0800 028 6590
CN: +86 400 660 8680

Direct Inward Dialing: +1 408 916 9892

Auditing

තත්කාලීන IT අනුකූලතා විගණනය

අනුකූලතාවයක් මගින් පාලනය වන ආයතන ADAudit Plus වැනි ස්වයංක්‍රීය තොරතුරු නිරීක්ෂණ පද්ධති මත විශ්වාසය තැබිය යුතුය. මෙම පද්ධතීන් ඵලදායී තොරතුරු ආරක්ෂණ පාලනය, අඛණ්ඩ සහ පූර්ණ අධීක්ෂණය, සහ උපරිම රහස්‍යභාවයෙන් යුතු බොහෝ විගණන වාර්තා, අවංකභාවය, හා නිරවද්‍යතාවය සහතික කරයි. SOX, HIPAA, PCI-DSS, FISMA සහ GLBA වැනි විවිධ අනුකූලතා සපුරාලීමට අවශ්‍ය පරිශීලක ක්‍රියා සහ දත්ත ප්‍රවේශ / වෙනස් කිරීම් මෙම ආරක්ෂණ මෘදුකාංගය විසින් සොයා ගනු ලබයි.

ADAudit Plus ඔබට 24x7 නිරීක්ෂණය, ඊමේල් අනතුරු හැඟවුම් සහ නැරඹීමට පහසු පූර්ව-වින්‍යාසගත කළ වාර්තා ලබා දෙයි. වෙනස්කම් බැලීම සඳහා 200+ කට වඩා වැඩි වාර්තා සමග අනුකූලතාවය මීට වඩා සරල විය නොහැක.

තත්කාලීන SOX අනුකූලතා විගණනය

2002 සාර්බේන් ඔක්ස්ලි පනත විසින් එක්සත් ජනපදයේ සියලු ප්‍රසිද්ධ වෙළඳ සමාගම් සඳහා දැඩි ප්‍රමිති ස්ථාපිත කෙරිණ. එය පෞද්ගලික සමාගම්වලට අදාල නොවේ. මෙම පනත ක්‍රියාත්මක වන්නේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් වන අතර එය අනුකූලතාවය, නීති, හා අවශ්‍යතා පිළිබඳව කටයුතු කරයි. ADAudit Plus ආයතනික ජාල ආරක්ෂාව, අනතුරු හැඟවුම් සහිත අඛණ්ඩ ජාල නිරීක්ෂණය / අවසර ලත්/නොලත් පද්ධති පිළිබඳ වාර්තා, සහ දත්ත ඒකබද්ධතාවය සඳහා දත්ත ප්‍රවේශය සඳහා සහතික වෙයි.

සමහර SOX අනුකූලතා විගණන වාර්තා

මෑතක පරිශීලක ලොගින් ක්‍රියාකාරකම් | ලොගින් අසමර්ථතා | පර්යන්ත සේවා ක්‍රියාකාරකම් | ලොගින් කාලය | වසම් ප්‍රතිපත්ති වෙනස්කම් | ලොගින් ඉතිහාසය | පරිශීලක කළමනාකරණය | කණ්ඩායම් කළමනාකරණය | පරිගණක කළමනාකරණය | OU කළමනාකරණය | GPO කළමනාකරණය | පරිපාලනමය පරිශීලක කටයුතු | සියලුම ගොනු හෝ ෆෝල්ඩර වෙනස් කිරීම්

තත්කාලීන HIPAA අනුකූලතා විගණනය

HIPAA, එනම් 1996 සෞඛ්‍ය රක්ෂණ පහසුව සහ වගවීමේ පනත යනු 1996 වර්ෂයේ අභ්‍යන්තර ආදායම් පනත සංශෝධනය කළ ෆෙඩරල් නීතියකි. එය පහසුව සහ සමූහ හා තනි වෙළඳ පොළ තුළ සෞඛ්‍ය සම්පන්නභාවය වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් කෙරිණ.

I-මාතෘකාව HIPAA අනුකූලතාවය - සේවකයන් හා ඔවුන්ගේ පවුල්වලට රැකියාව වෙනස් කිරීම හෝ රැකියාව අහිමි වීම සිදු වූ විට HIPAA විසින් එම සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණය ආරක්ෂා කරනු ලබයි

II-මාතෘකාව HIPAA අනුකූලතාවය - පරිපාලනමය සරලත්වය සඳහා වන විධිවිධාන, ඉලෙක්ට්‍රෝනික සෞඛ්‍ය සත්කාර සේවා ගනුදෙනු සහ සැපයුම්කරුවන්, සෞඛ්‍ය රක්ෂණ සැලසුම්, සහ සෞඛ්‍ය දත්තවල ආරක්ෂාව හා රහස්‍යභාවය පිළිබඳ කටයුතු කරන සේව්‍යයන් සඳහා ජාතික හඳුනන සැපයීම තහවුරු කළ යුතුය.

සමහර HIPAA අනුකූලතා විගණන වාර්තා

සියලුම ගොනු හෝ ෆෝල්ඩර වෙනස්කම් | OU කළමනාකරණය | පරිගණක කළමනාකරණය | කණ්ඩායම් කළමනාකරණය ‍| පරිශීලක කළමනාකරණය | ලොගින් කාලය | පර්යන්ත සේවා ක්‍රියාකාරකම් | ලොගින් අසමර්ථතා | මෑතක පරිශීලක ලොගින් ක්‍රියාකාරකම්

තත්කාලීන PCI-DSS අනුකූලතා විගණනය

PCI DSS දත්ත ගබඩා කිරීම, සැකසීම හා / හෝ කාඩ්පත් හිමියන්ගේ දත්ත සම්ප්‍රේෂණය කරන ඕනෑම ඒකකයකට අදාල වේ. කාඩ්පත් හිමියාගේ දත්ත ඇතුළත් වූ හෝ ඊට සම්බන්ධ වූ තාක්ෂණික හා මෙහෙයුම් පද්ධති සංරචක ආවරණය කරයි. ඔබගේ ව්‍යාපාරය ගෙවුම් කාඩ්පත් පිළිගන්නේ හෝ සකසන්නේ එය PCI DSS සමග අනුකූල විය යුතුය.

සමහර PCI-DSS අනුකූලතා විගණ වාර්තා

මෑතක පරිශීලක ලොගින් ක්‍රියාකාරකම් | ලොගින් අසමර්ථතා | පර්යන්ත සේවා ක්‍රියාකාරකම් | ලොගින් ඉතිහාසය | පරිපාලනමය පරිශීලක ක්‍රියාකාරකම් | සියලුම ගොනු හෝ ෆෝල්ඩර වෙනස්කම් | RADIUS ලොගින් ඉතිහාසය (NPS) | සාර්ථක ගොනු කියැවුම් ප්‍රවේශය | ගොනු අවසර වෙනස් කිරීම් කියවීම

තත්කාලීන FISMA අනුකූලතා විගණනය

ෆෙඩරල් තොරතුරු ආරක්ෂණ හා කළමනාකරණ පනතට අනුව පෙඩරල් ආයතන (FISMA) විසින් එම ආයතන වෙනුවෙන් එක්රැස් කළ හෝ ලබා ගත් තොරතුරු මෙන්ම, ඒජන්සි ආයතනයක් හෝ වෙනත් ආයතනයක එක්රැස්කරන්නෙකු හෝ වෙනත් සංවිධානයක් විසින් භාවිතා කරන හෝ මෙහෙයවනු ලබන තොරතුරු පද්ධති සුරක්ෂිත කිරීමට එම ආයතන කටයුතු කළ යුතුය.

සමහර FISMA අනුකූලතා විගණන වාර්තා

පර්යන්ත සේවා ක්‍රියාකාරකම් | දේශීය ලොගින් අසාර්ථක වීම් | ලොගින් ඉතිහාසය | කණ්ඩායම් කළමනාකරණය | පරිශීලක කළමනාකරණය | පරිපාලනමය පරිශීලක ක්‍රියාකාරකම් | පරිගණක කළමනාකරණය | OU කළමනාකරණය | සියළුම ලිපිගොනු හෝ ෆෝල්ඩර වෙනස්කම් | ලිපිගොනුවල ලිවීමේ අසාර්ථක උත්සාහ | ලිපිගොනු මැකීමේ අසාර්ථක උත්සාහ

තත්කාලීන GLBA අනුකූලතා විගණනය

මූල්‍ය සේවා නවීකරණ පනත ලෙස ද හඳුන්වනු ලබන ග්‍රෑම්-ලීච්-බ්ලයිලි පනතෙන් පාරිභෝගික මූල්‍ය නිෂ්පාදන හෝ ණය වැනි සේවා, මූල්‍ය හෝ ආයෝජන උපදෙස්, හෝ රක්ෂණ සපයන ආයතන - සමාගම්වලින් අපේක්ෂා කරනුයේ ඔවුන්ගේ තොරතුරු හුවමාරු පුරුදු ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට පැහැදිලි කරමින් සංවේදී දත්ත ආරක්ෂා කරනු ලැබීමයි. බැංකු නොවන උකස්කරුවන්, දේපල ඉඩකඩම් ඇගයුම්කරුවන්, ණය තැරැව්කරුවන්, සමහර මූල්‍ය හෝ ආයෝජන උපදේශකයින්, ණය එකතු කරන්නන්, බදු සකස්කරන්නන්, බැංකු සහ දේපල වන්දි ගෙවීම් සේවා සපයන්නන් මෙම පනතට අදාල වේ.

සමහර GLBA අනුකූලතා විගණන වාර්තා

ෆෝල්ඩර විගණන සැකසුම් වෙනස් කිරීම් | ෆෝල්ඩර අවසරය වෙනස් කිරීම් | සාර්ථක ලිපිගොනු කියවීමේ ප්‍රවේශ | සි‍යලුම ලිපිගොනු හෝ ෆෝල්ඩර වෙනස්කම් | GPO කළමනාකරණය | පරිශීලක කළමනාකරණය | කණ්ඩායම් කළමනාකරණය | වසම් ප්‍රතිපත්ති වෙනස්කම් | ලොගින් කාලය | දේශීය ලොගින් අසාර්ථකත්වය | ටර්මිනල සේවා ක්‍රියාකාරකම්

ADAudit Plus විශ්වාස කරයි