Linux විගණනය හා වාර්තාකරණය කිරීම
Linux පද්ධති බොහෝ සංවිධාන තුළ ජනප්‍රිය වී ඇති අතර, Linux පද්ධතියේ syslogs විගණනය කිරීම මගින් ඔබගේ ජාලයේ වැදගත් සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය. විවිධාකාර පරිපාලනමය සහ ආරක්ෂක ක්‍රියාකාරකම් පිළිබඳ තීරණය කිරීමට ඔබට මෙම තොරතුරු උපකාරී වනු ඇත. Linux පද්ධති විගණනය කිරීම මේවාට සම්බන්ධය:
- සියලුම Linux පද්ධතිවල ලොගින් සහ ලොග්ඕෆ් වීම් නිරීක්ෂණය කිරීම
- පරිශීලක ගිණුම් සහ කණ්ඩායම්වල සියලු වෙනස් කිරීම් සොයා යාම
- ඉවත් කළ හැකි උපකරණයක් ඔබගේ ජාලයට ප්ලග් කළ හෝ ඉන් ඉවත් කළ විට සියලුම සිදුවීම් ගැන කල්පනාවෙන් සිටින්න.
- සියලුම සුඩෝ විධාන සොයා යාම
- සිදු කළ ක්‍රියාකාරකම්, දෝෂ, සහ තවත් බොහෝ දේ සඳහා Linux මේල් සහ FTP සර්වර නිරීක්ෂණය කිරීම
- ඕනෑම විය හැකි ආරක්ෂක තර්ජනයක් පිළිබඳ හදාරන්න, එවිට ඔබට ඒවා වළක්වා ගත හැකිය.
- වැදගත් සිදුවීම් ඇතුළුව, එක් එක් දරුණු මට්ටම්වල සිදුවන සියලු සිදුවීම් හඳුනා ගැනීම
- සැසි සබඳතා, NFS mount, සහ එවැනි තවත් බොහෝ සිදුවීම් සොයා යාම
Linux පද්ධති විගණනය කිරීම ඔබට ඔබේ ජාලයේ ආරක්ෂාව හා කළමනාකරණය පිළිබඳ සම්පූර්ණ පාලනය ලබා දෙයි. එහෙත්, එය එතරම් සරල නොවේ. ඒ වෙනුවට ඔබට EventLog විශ්ලේෂකය භාවිතා කළ හැකිය, එය ආරක්ෂිත Linux පද්ධතියක් පවත්වා ගෙන යාම සඳහා සම්පූර්ණ syslog කළමනාකරණ විසඳුමකි.
EventLog විශ්ලේෂකයෙන් Linux පද්ධති විගණනය කිරීම
- Linux ලොග කළමනාකරණය සහ විගණනය කිරීම සම්පූර්ණ කරන්න.
- Linux ක්‍රියාවලි, පරිශීලක ක්‍රියාකාරකම්, මේල් සර්වර, හා තවත් බොහෝ දෑ නිරීක්ෂණය කරන්න.
- සර්වර දෝෂ, සර්වර භාවිතය, සහ ආරක්ෂක වාර්තා ඇතුළු විශේෂයෙන්ම Linux පද්ධති සඳහා 100කට වැඩි පෙර-සැකසූ වාර්තා
- අවශ්‍යතාවය අනුව අභිමත පරිදි වාර්තා සකසා, සැලසුම් කර අපනයනය කරන්න, ඒවා පැහැදිලි කරන්න.
- ප්‍රස්තාර, ලැයිස්තු, සහ වගු ආකෘතිවල වාර්තා සපයනු ලබන අතර, ඔබට ඕනෑම වාර්තා සටහනකින් සරල ලිඛිත ලොග් තොරතුරු පහසුවෙන් ලබා ගත හැකිය.
- ඔබට තත්කාලීනව සොයා ගැනීමට අවශ්‍ය සියලු සිදුවීම් සඳහා ක්ෂණික ඊමේල් හෝ SMS නිවේදන ගෙන්වා ගන්න.
- සහසම්බන්ධක විශේෂාංගය අනුපිළිවෙලින් විශේෂිත සිදුවීම් සිද්ධ වන විට ඔබට අනතුරු හැඟවීම සඳහා අභිමතයට සැකසිය හැකි රීති උපාංගයක් ලබා දෙයි.
- ලොග් සුරක්ෂිතව සංරක්ෂණය කර ඇති අතර, නම්‍යශීලී වෝහාරික ලොග් විශේෂාංග නිර්මාණය මගින් පහසුවෙන් සොයා ගත හැකිය.
Linux ලොගින් සහ ලොග්ඕෆ් පිළිබඳ වාර්තා
- SU, SSH, හා FTP ලොගින් වැනි ලොගින් වීමේ තනි පුද්ගල ක්‍රම ඇතුළුව සියලුම ලොගින් සහ ලොග්ඕෆ් සොයා යන්න.
- සමාලෝචන සහ ඉහළම N වාර්තා විසින් තොරතුරු සාරාංශ කර, පරිශීලකයන්ට හා උපාංගවලට නිතර නිතර ලොගින් ඉදිරිපත් කරයි.
පවතින වාර්තා
පරිශීලක ලොගින් | SU ලොගින් | SSH ලොගින් | FTP හෝ SFTP ලොගින් | ලොගින් සමාලෝචනය | පරිශීලක මත පදනම් වූ ප්‍රධාන ලොගින් | උපාංග මත පදනම් වූ ප්‍රධාන ලොගින් | දුරස්ථ උපාංග මත පදනම් වූ ප්‍රධාන ලොගින් | ප්‍රධාන Linux ලොගින් ක්‍රමය | ලොගින් ප්‍රවනතාවය | පරිශීලක ලොග්ඕෆ් | SU ලොග්ඕෆ් | SSH ලොග්ඕෆ් | FTP හෝ SFTP ලොග්ඕෆ් | ලොග්ඕෆ් සාරාංශය
Linux අසාර්ථක ලොගින් වාර්තා
- අසාර්ථක වූ සියලුම ලොගින් ලැයිස්තුවක් බලන්න.
- බොහෝ නිතර ලොගින් උත්සාහ අසාර්ථක වූ පරිශීලකයින් ප්‍රධාන N වාර්තා තුළින් අනාවරණය වේ.
- බොහෝ සෙයින් අනුපිළිවෙලට අවසර අසාර්ථක වූ පරිශීලකයන් හඳුනා ගන්න.
- ලොගින් උත්සාහ වැඩිම සංඛ්‍යාවක් ජනනය කරන දුරස්ථ උපාංග හඳුනා ගන්න.
පවතින වාර්තා
පරිශීලක අසාර්ථක ලොගින් | SU අසාර්ථක ලොගින් | FTP හෝ SFTP අසාර්ථක ලොගින් | අසාර්ථක ලොගින් සාරාංශය | පරිශීලකයා මත පදනම් වූ ප්‍රධාන අසාර්ථක ලොගින් | උපාංගය මත පදනම් වූ ප්‍රධාන අසාර්ථක ලොගින් | දුරස්ථ උපාංග මත පදනම් වූ ප්‍රධාන අසාර්ථක ලොගින් | ප්‍රධාන අසාර්ථක ලොගින් ක්‍රම | අසාර්ථක ලොගින් ප්‍රවනතාවය | නැවත නැවත අසාර්ථක වූ සහතිකකරණ | අවලංගු පරිශීලක ලොගින් උත්සාහ | දිගු මුරපද සහිත අසාර්ථක වූ ලොගින් උත්සාය | දුරස්ථ උපාංග මත පදනම්ව නැවත නැවත අසාර්ථක වූ ලොගින් | දුරස්ථ උපාංග මත පදනම්ව නැවත නැවත අසාර්ථක වූ සහතිකකරණය
Linux පරිශීලක ගිණුම් කළමනාකරණය
- එක් කර, ඉවත් කර, හෝ නැවත නම් කර ඇති සියලුම පරිශීලක ගිණුම් හා කණ්ඩායම් සොයා ගන්න.
- අසාර්ථක මුරපද වෙනස් කිරීම් සහ අළුතින් එකතු කරන ලද පරිශීලකයන් හඳුනා ගන්න.
- නිතර නිතර සිදු වන පරිශීලක ගිණුම් කළමනාකරණ කාර්යයන් හදාරන්න.
පවතින වාර්තා
එක් කළ පරිශීලක ගිණුම් | මැකූ පරිශීලක ගිණුම් | නැවත නම් කළ පරිශීලක ගිණුම් | එක් කළ කණ්ඩායම් | මැකූ කණ්ඩායම් | නැවත නම් කළ කණ්ඩායම් | මුරපද වෙනස් කිරීම් | අසාර්ථක මුරපද වෙනස් කිරීම් | අසාර්ථක පරිශීලක එකතු කිරීම් | ප්‍රධාන Linux ගිණුම් කළමනාකරණ සිදුවීම්
Linux ඉවත් කළ හැකි ඩිස්ක විගණනය කිරීම
- ඔබේ Linux පද්ධතිවල ඉවත් කළ හැකි උපකරණ භාවිතා කිරීම විගණනය කරන්න.
- ඉවත් කළ හැකි උපාංගයක් ජාලයට ප්ලග් කළ හෝ ඉන් ඉවත් කළ සෑම අවස්ථාවකම තොරතුරු හදාරන්න.
පවතින වාර්තා
USB ප්ලග් කෙරිණ | USB ඉවත් කෙරිණ
Sudo විධාන
- සියලු සාර්ථක සහ අසාර්ථක වූ sudo විධාන ක්‍රියාත්මක කිරීම පිළිබඳ විස්තර බලන්න.
- බොහෝ නිතර උත්සාහ කළ sudo විධාන හඳුනා ගන්න.
පවතින වාර්තා
Sudo විධාන ක්‍රියාත්මක කිරීම් | අසාර්ථක Sudo විධාන ක්‍රියාත්මක කිරීම් | ප්‍රධාන Sudo විධාන ක්‍රියාත්මක කිරීම් | ප්‍රධාන අසාර්ථක Sudo විධාන ක්‍රියාත්මක කිරීම්
Linux මේල් සර්වර වාර්තා
- ඊමේල් සර්වර භාවිත රටාවේ සාරාංශයක් ලබා ගෙන යැවූ හා ලැබුණු ඊමේල් ආශ්රිත ප්රවනතතාවය ගැන බලන්න.
- බොහෝ සෙයින් ඊමේල් යවන හා ලබන පරිශීලකයන් සහ දුරස්ථ උපකරණ හඳුනා ගන්න.
- බොහෝ ඊමේල යවන, ලබන, හෝ ප්‍රතික්ෂේප කරන ජාල වසම් සොයා ගන්න.
- මේල්බොක්ස් නොපවතී, අප්‍රමාණවත් ගබඩා ඉඩ, නරක විධාන අනුක්‍රමය, සහ තවත් බොහෝ දෝෂ සොයා යන්න.
- බොහෝ නිතර සිදු වන දෝෂ සොයා ගන්න.
පවතින වාර්තා
යැවූ ඊමේල් සාරාංශය | ලැබුණු ඊමේල් සාරාංශය | යවන්නා පදනම් වූ ප්‍රධාන ඊමේල් | දුරස්ථ උපාංග පදනම් වූ ප්‍රධාන ඊමේල් | දුරස්ථ උපාංගවලින් ලැබුණු ප්‍රධාන ඊමේල් | ප්‍රධාන යවන්නන්ගේ ජාල වසම් | ප්‍රධාන ලබන්නන්ගේ ජාල වසම් | යවන ලද ඊමේල් පිළිබඳ ප්‍රවනතා වාර්තා | ලැබුණු ඊමේල් පිළිබඳ ප්‍රවණතා වාර්තා | යවන්නා මත පදනම්ව ප්‍රතික්ෂේප කළ ඊමේල් | ඊමේල් ප්‍රතික්ෂේප කළ ප්‍රධාන ලබන්නන් | ප්‍රධාන ඊමේල් ප්‍රතික්ෂේප කිරීමේ දෝශ | ප්‍රධාන ප්‍රතික්ෂේපිත ජාල වසම් | ප්‍රතික්ෂේප කළ ඊමේල් සාරාංශය | මේල්බොක්ස් නොමැත | අප්‍රමාණවත් ගබඩා ඉඩ | විධානවල නරක අනුපිළිවෙළ | නරක ඊමේල් ලිපින | දුරස්ථ පැත්තේ නොමැති ඊමේල් ලිපින | ප්‍රධාන ඊමේල් වැරදි | යවන්නා මත පදනම් වූ ප්‍රධාන ඊමේල් වැරදි | අසාර්ථක වූ ඊමේල් යැවීම්
Linux දෝෂ සහ තර්ජන
- සිදුවිය හැකි ආරක්ෂක උත්සුකතා සොයා ගැනීමෙන් ඒවා ප්රතිචාරාත්මකව වැළැක්වීමට ඔබට පුළුවන.
- නිවැරදි කිරීමට අනවශ්‍ය දෝෂ හඳුනා ගන්න.
පවතින වාර්තා
Lookup දෝෂ නිවැරදි කරන්න | නරක උපාංග වින්‍යාස දෝෂ | නරක ISP දෝෂ | අවලංගු දුරස්ථ මෙවලම් සබඳතා | සේවා ප්‍රහාර ප්‍රතික්ෂේප කිරීම
Linux NFS සිදුවීම්
- සියලුම සාර්ථක සහ ප්‍රතික්ෂේපිත NFS mount පිළිබඳ විස්තර ලබා ගන්න.
- ප්‍රතික්ෂේපිත NFS mount වැඩිම ගණනක් සහිත පරිශීලකයන් සහ දුරස්ථ උපකරණ හඳුනා ගන්න.
පවතින වාර්තා
සාර්ථක NFS mount | ප්‍රතික්ෂේපිත NFS mount |පරිශීලකයින් මත පදනම් වූ ප්‍රතික්ෂේපිත NFS mount | දුරස්ථ උපාංග මත පදනම් වූ ප්‍රධාන සාර්ථක NFS mount | දුරස්ථ උපාංග මත පදනම් වූ ප්‍රධාන අසාර්ථක NFS mount
Linux වෙනත් සිදුවීම්
- සියළුම cron කාර්යවල විස්තර ලබා ගන්න.
- අක්‍රිය කර ඇති සේවා හඳුනා ගන්න.
- සම්බන්ධව හා විසන්ධිව ඇති සැසිවල විස්තර බලන්න.
- ලොගින් ක්‍රියාවලියේ කාලය තුළ ඕනෑම “කල්මැරීමක්” ගැන දැනුවත්ව සිටින්න.
- උපාංග නාම හෝ ලිපිනවල නොගැලපෙන දෝෂ සොයා යන්න.
පවතින වාර්තා
Cron Jobs | Cron Edit | Cron Job ඇරඹිණ | Cron Job අවසන් කෙරිණ | මෘදුකාංගයක් විසින් සම්බන්ධතාවය නවතා දැමිණ | හැඳුනුම් දාම ලබා ගන්න | සැසි සම්බන්ධ කෙරිණ | සැසි විසන්ධි කෙරිණ | නිෂ්ක්‍රිය කළ සේවා | සහාය නොදක්වන ප්‍රොටොකෝල අනුවාදය | ලොගින් වීමේ දී කල්මැරීම | අසාර්ථක යාවත්කාලීන කිරීම් | උපාංග නාමය නොගැලපීම් දෝෂය | උපාංග ලිපිනය නොගැලපීම් දෝෂය
Linux FTP සර්වර වාර්තා
- සියලුම බාගත් සහ පැටවූ ලිපිගොනුවල විස්තර ලබා ගන්න.
- ලොගින්, දත්ත මාරු, නිෂ්චල සැසි, සහ සම්බන්ධතා අතරතුර සිදුවන කල්මැරීම්වල විස්තර බලන්න.
- වැඩිම FTP මෙහෙයුම් සංඛ්‍යාවක් සිදු කරන පරිශීලකයන් හා දුරස්ථ උපකරණ හඳුනා ගන්න.
පවතින වාර්තා
ලිපිගොනු බා ගැනීම් | ලිපිගොනු පැටවීම් | දත්ත මාරුව නවතන කල්මැරීම් | ලොගින් කල්මැරීම් | සැසි නිශ්චල කල්මැරීම් | මාරුවීම් නැති කල්මැරීම් | සම්බන්ධතා කල්මැරීම් | FTP වාර්තා සමාලෝචනය | පරිශීලක මත පදනම් වූ ප්‍රධාන FTP මෙහෙයුම් | දුරස්ථ උපාංග මත පදනම් වූ ප්‍රධාන FTP මෙහෙයුම්
Linux පද්ධති සිදුවීම්
- Syslog සේවය නැවතීම සහ යළි ඇරඹීම, අඩු ඩිස්ක ඉඩ, හා yum විධාන ක්‍රියාත්මක කිරීම වැනි වැදගත් පද්ධති සිදුවීම් නිරීක්ෂණය කරන්න.
පවතින වාර්තා
Syslog සේවය නතර කෙරිණ | Syslog සේවය යළි ඇරඹිණ | අඩු ඩිස්ක ඉඩ | පද්ධතිය වසා දැමීම | Yum ස්ථාපන | Yum අස්ථාපන
Linux බරපතල වාර්තා
- එක් එක් බරපතල තත්වවල දී, එනම් හදිසි අවස්ථාවේ සිට දෝෂහරණය දක්වා, වාර්තා වූ සිද්ධීන් දෙස බලන්න.
පවතින වාර්තා
හදිසි සිද්ධීන් | අනතුරු හැඟවුම් සිද්ධීන් | වැදගත් සිද්ධීන් | දෝෂ සිද්ධීන් | අවවාද සිද්ධීන් | නිවේදන සිද්ධීන් | තොරතුරු සිද්ධීන් | දෝෂහරණ සිද්ධීන්
Linux වැදගත් වාර්තා
- සිද්ධි, උපකරණ, හෝ පරම්පරාවකට වගකිව යුතු දුරස්ථ උපාංග මත පදනම් වූ වැදගත් සිදුවීම් බලන්න.
- වැදගත් සිදුවීම් ඇතිවීමේ රටා අනාවරණය කිරීම සඳහා ප්‍රවනතා වාර්තා සපයනු ලැබේ.
පවතින වාර්තා
සිදුවීම්වල වැදගත්කමේ මට්ටම | සිදුවීම් මත පදනම් වූ වැදගත් වාර්තා | උපාංග මත පදනම් වූ වැදගත් සිදුවීම් | දුරස්ථ උපාංග මත පදනම් වූ වැදගත් සිදුවීම් | වැදගත් සිදුවීම් ප්‍රවනතා | වැදගත් සිදුවීම් සමාලෝචනය